25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකරවල හොදි කල්දේරමට වැටුණු දැරිය ජීවිතක්ෂයට

කරවල හොදි කල්දේරමට වැටුණු දැරිය ජීවිතක්ෂයට

පොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට වැටී බරපතළ තුවාල ලැබූ 9 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පානදුර දකුණ පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටි ශයනි මෙතුම්සා නැමැති දැරියක බවයි.

පොසොන් පොහොය නිමිත්තෙන් පානදුර ප්‍රදේශයේ බත් දන්සලක් පවත්වා ඇති අතර පසුගිය 23 වැනිදා දැරිය සිය මව සමග එහි රැඳී සිටියදී දැරිය කරවල හොදි කල්දේරමට වැටී තිබෙනවා.

මේ හේතුවෙන් බරපතල තුවාල ලැබූ දැරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ඇයගේ තත්වය බරපතල බැවින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලට මාරු කර යවා සිටියදී මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.