23.9 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsභාණ්ඩ ප්‍රවාහන බෝට්ටුවක් පෙරලී අයෙක් ජීවිතක්ෂයට

භාණ්ඩ ප්‍රවාහන බෝට්ටුවක් පෙරලී අයෙක් ජීවිතක්ෂයට

යාපනය, කුරිකට්ටුවාන් ජැටියේ සිට නාගදීපය දක්වා ගමන් කළ භාණ්ඩ යාත්‍රාවක් ඊයේ (02) පෙරලීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඩෙල්ෆ් පොලීසිය පැවසුවේ මෙම අනතුරෙන් එහි ගමන් කළ එක් අයෙක් මියගොස් තවත් තිදෙනෙකු රෝහල්ගත කර ඇති බවයි.

කුරිකට්ටුවාන් ජැටියේ සිට නාගදීපය දක්වා මුහුදු සීමාවේ ගමන් කරන මගී යාත්‍රාවල උඩ කොටසේ මෙලෙස භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන අතර එලෙස භාණ්ඩ තොගයක් නාගදීපය දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී මුහුද රලු වීම හේතුවෙන් අදාළ භාණ්ඩ යාත්‍රාව පෙරළී තිබෙනවා.

යාත්‍රාව පෙරළෙන අවස්ථාවේදී එහි සිව්දෙනෙකු ගමන්කොට ඇති අතර ඔවුන්ද යාත්‍රාව සමගින් මුහුදට වැටී තිබෙනවා.

ඔවුන් සිවුදෙනාගෙන් අයෙක් ජීවිතක්ෂයට පත් වී අනෙක් තිදෙනා බේරාගෙන යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

මෙලෙස දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ යාපනය, පුන්කුඩුතිව් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ඉන්ද්‍රලිංගම් ගෝපි නැමැති අයෙකි.