― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsමියගිය ධීවරයින්ගේ සිරුරු රැගත් යාත්‍රාව ගොඩබිමට

මියගිය ධීවරයින්ගේ සිරුරු රැගත් යාත්‍රාව ගොඩබිමට

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් ඩෙවෝන් පුතා 5 ධීවර යාත්‍රාවේ ධීවරයින් සිව් දෙනාගේ මෘත දේහ රැගත් බහුදින ධීවර යාත්‍රාව අද (03) උදෑසන තංගල්ල ධීවර වරායට ළගා වී තිබෙනවා.

ඩෙවෝන් පුතා 3 ධීවර යාත්‍රාව මගින් මෘත දේහයන් තැන්පත් කර තිබූ ඩෙවෝන් පුතා 5 ධීවර යාත්‍රාව, කඹයක ආධාරයෙන් ඇදගෙන ධීවර වරායට පැමිණ තිබූ අතර තංගල්ල මහේස්ත්‍රාත්වරයා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන තෙක්, මෘත දේහ යාත්‍රාවේ තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

තංගල්ලෙන් ඉකුත් 04 වැනිදා මුහුදු ගිය ඩෙවෝන් පුතා 5 ධීවර යාත්‍රාවේ ධීවරයින්ට පසුගිය 27 වැනිදා පස්වරුවේ මත්පැන් යැයි සිතිය හැකි බෝතලයක් හමු වී තිබෙනවා.

පසුව ඔවුන් එහි තිබූ දියර වර්ගය පානය කර ඇති අතර එහිදී ඔවුන් දැඩි ලෙස රෝගී වී තිබුණා.

‘ඩෙවෝන් 05’ බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනාගෙන් 5 දෙනෙකුම මේ හේතුවෙන් මියගිය අතර ජීවිත තර්ජනයකට මුහුණ දී සිටි අවසන් ධීවරයා එම අවදානමෙන් මුදාගෙන දිවයිනට රැගෙන ඒමට නාවික හමුදාව පසුගියදා කටයුතු කළේය.

මෙම ධීවරය යාත්‍රාව අසළින් ගමන් ගත් සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවකට මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දෙමින් ඔහු දිවයිනට රැගෙන ඒමට පියවර ගෙන තිබුණා.

සිද්ධියෙන් මියගිය ධීවරයින් 5 දෙනාගෙන් සිව් දෙනෙකු ඩෙවෝන් 05 ධීවර යාත්‍රාවේදීම මියගිය අතර අනෙක් ධීවරයා මිය ගියේ උපකාර කිරීමට පැමිණි සිංගපූරුවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාව තුළ ප්‍රතිකාර ලබන අතරතුරයි.

ඔහුගේ සිරුර ද නාවික හමුදාව මැදිහත් වී දිවයිනට රැගෙන ආ අතර මේ වනවිට එම ධීවරයාගේ සිරුර හම්බන්තොට මහ රෝහලේ තැම්පත් කර තිබෙනවා.

එම ධීවරයන්ගේ සිරුරු කොටස්, ආමාශයේ ඇති දියර, රුධිරය රජයේ රස පරීක්ෂකයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසට හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හම්බන්තොට වරාය පොලිසියට නියෝග කර තිබෙනවා.

ඩෙවෝන් 05 බහුදින ධීවර යාත්‍රාවේදීම මියගිය ධීවරයින්ගේ සිරුරු එම යාත්‍රාවෙන්ම මේ වන විට දිවයිනට රැගෙන ඒමේ කටයුතු සිදු කෙරුණු අතර සිරුරු රැගෙන එන අතරතුර එම යාත්‍රාව කාර්මික දෝශයකටද ලක් වුණා.

ඒ අනුව ඩෙවෝන් 05 යාත්‍රාවේ හිමිකරුට අයත් ඩෙවෝන් පුතා 03 යාත්‍රාව මගින් කාර්මික දෝශයකට ලක්වූ ඩෙවෝන් 05 ධීවර යාත්‍රාව ඇදගෙන ඒමේ කටයුතු සිදු කෙරුණා.

ඒ අනුව ධීවරයින් සිව් දෙනාගේ මෘත දේහ රැගත් ඩෙවොන් 5 බහුදින ධීවර යාත්‍රාව අද උදෑසන තංගල්ල ධීවර වරායට ළගා වුණා.