30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරොබෝවරයෙක් පළමු වරට සියදිවි නසාගනී

රොබෝවරයෙක් පළමු වරට සියදිවි නසාගනී

දකුණු කොරියාවේ ගුමි නගරයේ නගර සභා ගොඩනැගිල්ලක සිවිල් සේවකයෙකු ලෙස සේවය කළ රොබෝවරයෙකු සියදිවි හානි කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ සිද්ධියත් සමඟ සියදිවි නසාගත් ලොව පළමු රොබෝවරයෙක් පිළිබඳ පළමු පුවත මෙය වන බවයි වාර්තා වන්නේ.

මෙම රොබෝවරයා දකුණු කොරියාවේ ගුමි නගර සභාවේ සිවිල් සේවකයෙකු ලෙස සේවය කර ඇත.

මෙම රොබෝවරයා ලිපි ලේඛන රැගෙන යන කාර්යාල කාර්ය සහායකයකු ලෙස සේවය කළ රොබෝවරයා ඔහු සේවය කළ ගොඩනැඟිල්ලේ පළමු හා දෙවැනි මහල අතර ඇති පඩිපෙළෙන් පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

සියදිවි නසාගත් රොබෝවරයා සම්බන්ධයෙන් රොබෝවරයා නිෂ්පාදනය කළ සමාගම වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.