ජූලි මාසයේදී ගෘහස්ථ ගෑස් මිල ගණන් සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ පෙර පැවති මිල ගණන් එලෙසම පවත්වාගෙන යාමට තීරණය කළ බවයි.
ඒ අනුව කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680ක් හා කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477 ලෙස පවතින මිල ගණන් යටතේම අලෙවි වනු ඇති.