― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsහෙරොයින් ජාවාරමේ යෙදුණු කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමේ යෙදුණු කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරම් කළ කාන්තාවන් ‍ දෙදෙනෙක් යාපනය ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (02) යාපනය පොලිස් වසමේ අරාළි විදිය පස්වන හරස්පාර ඔට්ටමඩමි ප්‍රදේශයේදී සහ කෝපායි පොලිස් වසමේ අංක 112 යමුනාවිදි නල්ලුර් යන ලිපිනයේ දී වැටලීම් දෙකක් සිදුකර ඇත.

එහිදී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 490 ක් සමඟ අරාළි වීදිය පස්වන හරස්පාර ඔට්ටමඩමි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක් වන කාන්තාවක් සහ හෙරොයින් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 270 ක් සමඟ යමුනාවීදි, නල්ලුර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන
තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන් දෙදෙනා යාපනය සහ කෝපායි පොලිස් ස්ථාන වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාවන් දෙදෙනා දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ යෙදී ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.