29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2025 දී පෝට් සිටිය හරිත වරායක් කරනවා - නිමල්

2025 දී පෝට් සිටිය හරිත වරායක් කරනවා – නිමල්

ලබන වසරේදී කොළඹ වරාය පර්යන්තය හරිත වරායක් බවට පත් කරන බව වරාය හා නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (02) චීනයේ ෂැංහායි නාගරික ප්‍රවාහන කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වන වොන්ග් ෂියාඕ ජී ඇතුළු නියෝජිත පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ලෝකයේ රටවල තිබෙන ප්‍රධාන වරායන් මේ වනවිට හරිත වරායන් බවට පත් කිරීමේ ක්‍රියාදාමය ඇරඹී ඇති බැවින් ශ්‍රී ලංකාව ද කඩිනමින් ඊට අනුගත විය යුතු බවයි.

හරිත වරාය සංකල්පය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ලෝකයේ ප්‍රධාන රටක් වන චීන රජය ලක් රජයට අදාළ තාක්ෂණය ලබාදීමට සිය කැමැත්ත පළ කර තිබෙනවා.