28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකයි

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකයි

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ණයහිමියන් අතර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර බැඳුම්කරවල 28%ක නාමික අඩු කිරීමකට ණයහිමියන් ඊයේ (03) එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම එකඟතාවට පැමිණ ඇත්තේ ජාත්‍යන්තර ණයහිමියන් සහ ශ්‍රී ලංකාව අතර වසරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.

මෙම එකඟතාවය යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතයි.