ජ්‍යේෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදිනියක වන සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1963 වසරේ දෙසැම්බර් 14 වැනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ජනගත වූ ගුවන් විදුලි කතාංගයක් වන ‘හඳ මාමා’ වැඩසටහනෙන් ශ්රාවකයා වැළඳගත් ‘හඳ නැන්දා’ ගේ චරිතයේ හඬට පණ දුන්නේ ද මැයයි.
1953 මැයි 24 වැනි දා මෙරට සම්මානිත කෘතහස්ත ලේඛකයෙකු වන කේ. ජයතිලකයින් සමග විවාහ වන සුමනා මහත්මිය දරුවන් සිව් දෙනෙකුගේ ආදරණීය මවක් ද වනවා.