23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරේගුව දෙදින වැඩ වර්ජනයක

රේගුව දෙදින වැඩ වර්ජනයක

ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද සහ හෙට දින දෙක තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එලැඹ තිබෙනවා.

අවස්ථා කිහිපයකදීම සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කළ ද ඒ සඳහා මෙතෙක් පිළිගත හැකි විසඳුමක් නොලැබීම හේතුවෙන් පසුගිය දින දෙක තුළ රේගු නිලධාරීන් අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වී සිටියා.

අත්තනෝමතික ලෙස ආදායම් අධිකාරී පනතක් ගෙන ඒමටත්, රේගු ආඥා පනතේ වගන්ති කිහිපයක් සං‍ශෝධනය කිරීමටත් රජය පියවර ගැනීමට විරෝධය පළ කරමින් රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද සහ හෙට දින දෙක තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹ තිබෙනවා.

මීට පෙරද බලධාරීන් සිය ඉල්ලීම්වලට කන් නොදීම හේතුවෙන් රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා.

ඒ හේතුවෙන් ආනයන භාන්ඩ නිෂ්කාශනයේ ද දැඩි ප්‍රමාදයක් හට ගෙන තිබෙනවා.

එහෙත් මෙම වෘත්තීය සමිති විරෝධතා ක්‍රියාමාර්ගය මහජනතාවට ඍජුව සේවා සපයන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ වරාය, ගාල්ල වරාය වැනි ආයතන තුළ ක්‍රියාත්මක නොකරන බවයි රේගු වෘත්තීය සමිති පවසන්නේ.