30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් හා මත්කරල් සමඟ තරුණියක් අත්අඩංගුවට

අයිස් හා මත්කරල් සමඟ තරුණියක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු 24 හැවිරිදි තරුණියක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය හා මත්කරල් තොගයක් සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මොරටුව කඳවුරේ බස්නාහිර පළාත E කලාපයේ ආරක්ෂක රාජකාරීවල නිරත සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායමේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (04) මොරටුව පොලිස් වසමේ සිදු කළ පරික්ෂා කිරීමේදීයි මෙම තරුණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 80 ක් සහ මත්කරල් 500 ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි ලුනාව, මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක තරුණියක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය මොරටුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.