31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොළොන්නාවේ දැවිතෙල් ජාවාරමක් කොටුවෙයි

කොළොන්නාවේ දැවිතෙල් ජාවාරමක් කොටුවෙයි

කොළොන්නාව ඛනිජ තෙල් පර්යන්තයෙන් බව්සර් රථවලට නිකුත් කරන දැවිතෙල් වංචාසහගත ලෙස, වෙනත් බව්සර් රථවලට මාරු කර විකිණීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා විමර්ශන නිලධාරීන් සමත්ව තිබෙනවා.

ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථා විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ හදිසි වැටලීමකදීයි.

කොළොන්නාව ඛනිජ තෙල් පර්යන්තයෙන් බව්සර් රථවලට නිකුත් කරන දැවි තෙල් වංචාසහගත ලෙස වෙනත් බව්සර් රථවලට මාරු කර විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් යුගදනවී විදුලි බලාගාරයේ පාලනාධිකාරිය මගින් ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්තයේ විමර්ශන නිලධාරීන්ට පසුගිය දා පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම විදුලි බලාගාරය වන යුගදනවි බලාගාරයේ ටර්බයින් යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා කොළොන්නාව ඛනිජ තෙල් පර්යන්තයෙන් නැප්තා ඉන්ධන නිකුත් කිරීම සිදු වනවා.

ඒ් අනුව පසුගිය දිනක නිකුත් කළ ඉන්ධන ලීටර් 33000 කින් ලීටර් 16000 ක් අඩුවී ඇති බව යුගදනවි විදුලි බලාගාරයේ පාලනාධිකාරිය වෙත නිරීක්ෂණය වී ඇති අතර පසුව ඔවුන් ඒ් පිළිබඳව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා විමර්ශන නිලධාරීන් හට පැමිණිලි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අනතුරුව විමර්ශන නිලධාරීන් ඉතාමත් සූක්‍ෂම ලෙස විමර්ශනයක් සිදු කර ඇති අතර එහිදී කොළොන්නාවේ සිට ඉන්ධන රැගෙන එන බව්සර් රථ බෝපිටියේ පිහිටි පෞද්ගලික අංගනයක් තුළට රැගෙන විත් එහි ඉන්ධන වෙනත් බව්සර් රථවලට මාරු කරන බව අනාවරණ වී තිබෙනවා.

මෙම ජාවාරම සම්බන්ධයෙන් ඉන්ධන රැගෙන පැමිණි එක් බව්සර් රථයක රියදුරු සහ බවුසර් රථය විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා එය බෝපිටිය පොලිසියට භාර දී තිබෙනවා.