― political ―

මම අගමැතිකම බාර නොගත්තේ හොරු එක්ක වැඩ කරන්න බැරි නිසා

මම අගමැතිකම බාර නොගත්තේ හොරු සමඟ වැඩ කිරීමට බැරි නිසා බවත් ජනවරමක් නොමැති ජනාධිපතිවරයා තමාගේ හොරුත් එක්ක ව්‍යවස්ථාවේ සිදුරු සොයමින් යන බවත් විපක්ෂ නායක...
HomeHot Newsපලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) මඩකලපුව එරාවුර් අල් අස්හර් උසස් බාලිකා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඊශ්‍රාලය රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් පලස්තීන ජනතාවට එරෙහිව එල්ල කරන මහා අමානුෂීය ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් පලස්තීන ජනතාවට ලැබිය යුතු රට ලබා දිය යුතු බවත් පලස්තීනයේ දරුවන්, බිළින්දන්, මව්වරුන් ඇතුළු ජනතාව එල්ල කර ගෙන ක්‍රියාත්මක අමානුෂීය ප්‍රහාරය, මිනිස් සංහාරය වහා නතර කරන ලෙස ඊශ්‍රාලයේ අගමැතිවරයාට කියා සිටින බවත් මේ වසර අවසන් වන විට දෙබිඩි කතා නොමැතිව ශ්‍රී ලංකාව පලස්තීන ජනතාව සමඟ එකට හිටගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී පැවසීය.

සමූල මිනිස් ඝාතනයක් සිදුවන විට ඒ මිනිස් ඝාතනයට වගකිව යුතු රටත් රජයක් ගැන එළිපිට කතා කරන්න බිය නොවිය යුතු බවත් සමහර අය මේ ගැන එළිපිට කතා කරන්න බිය බවත් ඊශ්‍රාලය සිදු කරන ප්‍රහාරයන් හා ඊට නායකත්වය දෙන ඊශ්‍රායාල අගමැතිවරයා ගැන නම් කර කතා කරන්න සමහර අය බිය වුවත් තමා ඇත්ත කතා කරන්න බිය නොවන බවත් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ මේ රටවල් 2ක යුද්ධයකින් තොරව සාමයෙන් සමාදානත්වයෙන් සහෝදරත්වයෙන් මිත්‍රශීලීත්වයෙන් එකට සහයෝගයෙන් ජීවත් වීම බවත් එම නිසා පලස්තීන ජනතාව ඉලක්ක කර ගෙන සිදු කරන මිලේච්ඡ අමානුෂීය ප්‍රහාරය නතර කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ජාත්‍යන්තර නීතිය අනුව රටක් නිර්මාණය වන විට එහි තිබිය යුතු ප්‍රධාන අංගයන් ලෙස භූමිය, ජනතාව, රජයක් යන අංග වැදගත් බවත් මෙම අංග තිබුණහොත් නිදහස් රටක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති නිසා ඊශ්‍රාලය උත්සාහ කරන්නේ ජනතාව කියන කොටස සමූල ඝාතනයකට ලක් කර ජනතාවක් නොමැති පලස්තීන භූමිය ලබා ගැනීමට බවත් ඒ සඳහා ඉඩ දිය නොහැකි බැවින් මේ මිලේච්ඡ ප්‍රහාර නවත්වන ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකාව මේ වසර අවසන් වන විට පලස්තීනය සමඟ සිටගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුහුරු අධ්‍යාපනය හරහා ලැබෙන දැනුම තුළ විශාල මානව ප්‍රාග්ධනයක් නිර්මාණය වන බවත් රටක මානව ප්‍රග්ධනය කාටවත් සොරාගත නොහැකි බවත් එම මානව ප්‍රග්ධනය මංකොල්ල කෑ නොහැකි බවත් ගෙවල්, මුදල්, ඉඩම්, යාන-වාහන සොරාගත හැකි වුවත් දැනුම සොරාගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.