― political ―

මම අගමැතිකම බාර නොගත්තේ හොරු එක්ක වැඩ කරන්න බැරි නිසා

මම අගමැතිකම බාර නොගත්තේ හොරු සමඟ වැඩ කිරීමට බැරි නිසා බවත් ජනවරමක් නොමැති ජනාධිපතිවරයා තමාගේ හොරුත් එක්ක ව්‍යවස්ථාවේ සිදුරු සොයමින් යන බවත් විපක්ෂ නායක...
HomeHot Newsබේකරි නිෂ්පාදනවල මිලේ වෙනසක් නැහැ

බේකරි නිෂ්පාදනවල මිලේ වෙනසක් නැහැ

මේ අවස්ථාවේදී පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල පහළ දැමීමේ හැකියාවක් නොමැති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති එන්.කේ. ජයවර්ධන මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ගෑස් මිල අඩු කළ පමණින් සිය නිෂ්පාදනවල මිල ගණන් පහත දැමිය නොහැකි බවයි.

අමුද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින බැවින් මෙම අවස්ථාවේදී බේකරි නිෂ්පාදනවල මිල පහළ දැමිය නොහැකි බව ඔහු මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.