28.4 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලක්ෂයක මාසික ආදායමක් නැත්නම් බදු ගෙවන්න එපා

ලක්ෂයක මාසික ආදායමක් නැත්නම් බදු ගෙවන්න එපා

TIN අංකයක් ලබාගත් පුද්ගලයින්ට බදු ගෙවන ලෙස දේශී‍ය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවිඩ ලැබුණ ද තමන් මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැති නම් ඒ බව ලිඛිතව දැනුම්දී, බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

බදු ගෙවන්නන් හට ලබා දී ඇති TIN අංකයට ලැබුණු කෙටි පණිවිඩ සහ පැමිණිලි පිළිබඳ ව අවධානය යොමු කරමින් අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව මාසික ආදායම රුපියල් 100,000 ගන්නා තැනැත්තන් රාජ්‍ය බදු ගණනය කිරීම්වලින් නිදහස් වනු අති.

මේ වනවිට දළ වශයෙන් මිලියන 2.3 ක පිරිසකට ඔවුන්ගේ TIN අංක ලැබී ඇති බවත් ජුනි මාසයේ දී පමණක් TIN අංක මිලියන 1.3 ක් නිකුත් කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

ඔබටත් TIN අංකය පිළිබඳ යම්කිසි ගැටලුවක් වේ නම්, අදාළ සිදුවීම පිළිබඳව තමන් ජීවත් වන ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට දැනුම්දිය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.