26.7 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවාද්දුවේ යතුරුපැදි අලුත්වැඩියා ස්ථානයක ගින්නක්

වාද්දුවේ යතුරුපැදි අලුත්වැඩියා ස්ථානයක ගින්නක්

වාද්දුව පොලිස් වසමේ බානිස් කඩේ හන්දිය ප්‍රදේශයේ යතුරු පැදි සේවා සහ අලුත්වැඩියා ස්ථානයක හදිසියෙම ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් යතුරුපැදි කිහිපයක්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

අද (05) අලුයම 3.30ට පමණ හටගත් මෙම ගින්නෙන් එම යතුරුපැදි අලුත්වැඩියා ස්ථානයේ අලුත්වැඩියාවට ගෙනා වටිනා යතුරුපැදි කිහිපයක් හා එම යතුරු පැදි සේවා ස්ථානයට අයත් තවත් උපකරණ රැසක්ම විනාශ වී තිබෙනවා.

මෙම යතුරුපැදී අලුත්වැඩියා ස්ථානය දැනට මාස කිහිපයකට පෙර මෙම ස්ථානයේ ආරම්භ කොට ඇති අතර ගින්නට හසු වූ යතුරුපැදියක හිමිකරුවෙක් වාද්දුව පොලිසියට පැමිණිලි කර ඇත්තේ කිසියම් පුද්ගලයකු මෙම යතුරුපැදී සේවා ස්ථානයට ගිනි තබන්නට ඇති බවයි.

මෙම ස්ථානයේ යතුරුපැදි අලුත්වැඩියා කරන පුද්ගලයා ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අලුත්වැඩියා ස්ථානයක සේවය කොට එම ස්ථානයෙන් ඉවත්වී මෙම යතුරුපැදිය අලුත්වැඩියා කරන ස්ථානය ආරම්භ කොට ඇත.

මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.