බදුල්ල, සොරණාතොට ප්‍රදේශයේ අද (05) මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙම අනතුරෙන් පුද්ගලයින් 04 දෙනෙක් මියගොස් ඇති බවයි.
ලොරි රථයක් මාර්ගය මැද පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, මින් තවත් 03 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූවන් බදුල්ල මහ රෝහලට යොමුකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.



