27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද, හෙට ලෙඩ වෙන රාජ්‍ය සේවකයෝ

අද, හෙට ලෙඩ වෙන රාජ්‍ය සේවකයෝ

රාජ්‍ය සේවකයින් අද (08) සහ හෙට (09) දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිතයි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති දෙසීයකට අධික සංඛ්‍යාවක් සහභාගී වනවා.

සේවා ශ්‍රේණි භේද නොමැතිව රුපියල් 25,000ක දීමනාවක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නියැලෙන්නේ.

මෙම වැඩ වර්ජනය සඳහා සංවර්ධන නිලධාරී, තැපැල්, ග්‍රාම නිලධාරී, මිනින්දෝරු, රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය, සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය, උසස් අධ්‍යාපන සේවයේ සේවක සංගමය ඇතුළු රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයට අයත් සේවාවන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරන වෘත්තිය සමිති එක්ව සිටිනවා.