26.1 C
Colombo
Sunday, June 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයිනේ ප්‍රදේශ රැසකට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, මද්දුමගම, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, කුරුවිට, කිරිඇල්ල, අයගම, ඇලපාත, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙලෙස නායයාමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි.

මෙම නායයාමේ අනතුරු ඇඟවීම අද පස්වරුව දක්වා බලපැවැත්වෙනු ඇති.