27.8 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅඛණ්ඩව වැටුප් වැඩි කිරීමෙන් ජනතාවගේ බදු බර වැඩිවෙනවා

අඛණ්ඩව වැටුප් වැඩි කිරීමෙන් ජනතාවගේ බදු බර වැඩිවෙනවා

දිගින් දිගටම වැටුප් වැඩිවීම් ලබාදීමෙන් ජනතාවගේ බදු බර වැඩිවෙමින් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මේ අවස්ථාවේදී වැටුප් වැඩි කිරීමේ හැකියාවක් ඇත්නම් එය අනිවාර්යෙන්ම කරනවා. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවන්නේ ජනතාවගේ බදු මුදලින්. දිගින් දිගටම වැටුප් වැඩි කළොත් ජනතාවගේ බදු බර වැඩි වෙනවා. රටේ බදු මුදල් සම්පූර්ණයෙන්ම වැටුප්වලට වියදම් කරන්න බැහැ. මොකද මුළු බදු මුදලම වැටුප් සහ දීමනාවලට වියදම් කරලා රට ඉදිරියට ගෙනියන්න බැහැ. එබැවින් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් වල නියැළෙන සියලුම රජයේ සේවකයින් කරන්නේ දේශපාලන පළිගැනීම් ක්‍රියාවක්.