27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅතුරුගිරිය වෙඩි තැබීමෙන් තවත් අයෙක් ජීවිතක්ෂයට

අතුරුගිරිය වෙඩි තැබීමෙන් තවත් අයෙක් ජීවිතක්ෂයට

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ අද (09) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

මෙම වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ද ජීවිතක්ෂයට පත් වූ අතර ජනප්‍රිය ගායන ශිපිනී කේ.සුජීවා ද ඇතුළු සිවුදෙනෙක් තුවාල ලැබුවා.

වෙඩි වැදීමෙන් කේ සුජීවාගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඇය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසුවේ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.