23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅතුරුගිරිය වෙඩි තැබීමෙන් තවත් අයෙක් ජීවිතක්ෂයට

අතුරුගිරිය වෙඩි තැබීමෙන් තවත් අයෙක් ජීවිතක්ෂයට

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ අද (09) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

මෙම වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ද ජීවිතක්ෂයට පත් වූ අතර ජනප්‍රිය ගායන ශිපිනී කේ.සුජීවා ද ඇතුළු සිවුදෙනෙක් තුවාල ලැබුවා.

වෙඩි වැදීමෙන් කේ සුජීවාගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඇය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසුවේ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.