― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොඩි තිළිණගේ ප්‍රධාන ගෝලයා කුඩුත් සමඟ අල්ලයි

පොඩි තිළිණගේ ප්‍රධාන ගෝලයා කුඩුත් සමඟ අල්ලයි

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින හංවැල්ලේ පොඩි තිළිණගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය Whatsapp තාක්ෂණය ඔස්සේ මෙහෙයවූ ප්‍රධාන සැකකරු හෙරොයින් තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය පූගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (07) කිරිඳිවැල පොලිස් වසමේ මැද්දේගම හංදිය අසළදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී ජාවාරම් කිරීම සඳහා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08, මිලි ග්‍රෑම් 980 සන්තකයේ තබාගෙන සිටි කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක් වන පද්ගලයකු ජංගම දුරකථනයක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු කිරිඳිවැල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඩුබායිහි සැඟව සිටින හංවැල්ලේ පොඩි තිළිණගේ සහ ඔහුගේ අනියම් බිරිඳ වන නේත්‍රා යන කාන්තාව විසින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන බවත් මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් එම මත්ද්‍රව්‍ය කඩුවෙල, කිරිඳිවැල, පූගොඩ හා හංවැල්ල යන ප්‍රදේශ වලට ගෙන ගොස් බෙදා හරිනු ලබන බවත්ය.