29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබූස්සේ හදිසි වැටලීමකදී ජංගම දුරකථනයක් හමුවෙයි

බූස්සේ හදිසි වැටලීමකදී ජංගම දුරකථනයක් හමුවෙයි

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ සිදු කළ හදිසි වැටලීමකදී නවීන පන්නයේ ජංගම දුරකථනයක් සහ දුරකථන උපාංග තොගයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (07) බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රෝහල සහ ඒ අවට ප්‍රදේශය තුළ හදිසි සෝදිසි කිරීමක් සිදුකර ඇත.

එහිදී රෝහල සහ ඒ අවට ප්‍රදේශයේ තිබී නවීන පන්නයේ ජංගම දුරකථනයක් සහ එම අමතර උපාංග සමඟ සිමෙන්ති හා පොටි අඩංගුව තිබූ පාර්සලයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී තිබෙනවා.‍