― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරටට තිබූ ආර්ථික තර්ජනයෙන් අප ඉවතට පැමිණ තිබෙනවා

රටට තිබූ ආර්ථික තර්ජනයෙන් අප ඉවතට පැමිණ තිබෙනවා

රට ආර්ථික වශයෙන් ගොඩනැඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කරමින් සිටින බවත්, ආර්ථික අර්බුදය හමුවේ වුවද මෙම වසරේදී ලබා දිය හැකි වැටුප් වැඩිවීම් රාජ්‍ය සේවකයන්ට ලබා දුන් බවත්, ලබන අයවැයෙන් ද ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‘නීති ගරුක රටක්’ යන තේමාව යටතේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගනයේ පැවති ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුවට එක්වෙමිනි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට නොහැකි වූ අවස්ථාවේ ලක්ෂ 05කින් රාජ්‍ය සේවය කප්පාදු කරන ලෙස ඇතැමුන් පැවසුවද තමා එලෙස නොකළ බවත්, වැට් බද්ද 18%කට ගෙන එමින් එම වැටුප් නිසි වේලාවට ලබාදීමට කටයුතු කළ බවත් පැවසූ ජනාධිපතිවරයා තවදුරටත් ජනතාව මත බදු බර පැටවිය නොහැකි බවද අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍යවලට අදාළ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට මානව හිමිකම් ගැන කථා කරන ඇතැම් නීතිඥ මහත්වරුන් ද ඉදිරිපත්වීම පුදුමයට කරුණක් බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම නිසා අද ත්‍රස්තවාදයට වඩා විශාල තර්ජනයක් රටට එල්ල වී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආර්ථික තර්ජනයෙන් රට අත්මිදෙමින් තිබෙන අවස්ථාවේ මත්ද්‍රව්‍ය තර්ජනයෙන් ද රට බේරා ගැනීමට සියලුදෙනාගේ සහාය අවශ්‍ය බවත්, අනාගත පරපුර මත්ද්‍රව්‍ය සඳහා ගොදුරු වුවහොත් රට ගොඩනැඟීමට රජය ගන්නා සියලු උත්සාහයන් නිශ්ඵල වන බවත් කියා සිටියේය.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්තව ආරම්භ කළ යුක්තිය මෙහෙයුමට සුවිශේෂි දායකත්වයක් ලබා දුන් ඌව පළාතේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් වෙනුවෙන් හැදුනුම්පත් ලබාදීම සහ තෝරාගත් සාමාජිකයන් වෙනුවෙන් සාමදාන විනිශ්චයකාර පදවි ලබාදීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් සිදු විය.

90 දශකයේ දී නිවාඩුවක් සඳහා මම ස්විස්ටර්ලන්තයට ගියා. මම නැවති සිටියේ මගේ පියාගේ මිත්‍රයෙකුගේ නිවසේයි. මම එම නිවසට ගිය විට එතුමා මට කිව්වා අද සන්ධ්‍යාවේ පොලිසියේ කෙනෙක් ඔබතුමා හමු වෙන්න එනවා කියලා. මම ඇහුව ඇයි කියලා. ඔහු කිව්වා නැහැ අපේ සිරිතක් තිබෙනවා කවුරුහරි පිට ගමකින් අපේ ගම්වලට, නගරයට ආ විට අප එය පොලිසිට වාර්තා කිරීම අවශ්‍යයි කියලා. එම රටවල මෙම වැඩපිළිවෙළ හැමදාම ක්‍රියාත්මක වෙනවා. කවුරු හරි පිටින් එනවා නම් ඔවුන් ගැන සොයා බලනවා. එවිට එම ප්‍රදේශවලට ත්‍රස්තවාදීන්ට පැමිණීම අසීරුයි. ඒ වගේම මත්ද්‍රව්‍ය ගෙන ඒමට ද අසීරුයි. අද අප මේ ආරම්භ කර තිබෙන්නේ එම ප්‍රජා පොලිස් ක්‍රමයයි. එංගලන්තයෙත් මෙම ක්‍රමය ක්‍රියත්මක වෙනවා. හැම ගෙදරකම ඉන්නේ කවුද කියලා පොලිසියේ අය දන්නවා. යුරෝපීය රටවල් ගණනාවක ද මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.

නමුත් අද ලන්ඩන් නුවර ඇතුළු යුරෝපයේ නගර කිහිපයක මෙය බිඳ වැටී තිබෙනවා. ඒ නිසා හැමතැනම සොරකම් සිදුවන අතර මත්ද්‍රව්‍ය ජාවාරම ද සිදු වෙනවා. මේ අයුරින් නීතිය හා සාමය පාලනය කර ගැනීමට නොහැකිවීම රිෂී ෂුනාක්ගේ ආණ්ඩුව පැරදීමට එක හේතුවක් වුණා.ඔවුන් කියන්නේ ආණ්ඩුවේ පළමු කටයුත්ත නීතිය හා සාමය ආරක්ෂා කිරීම කියලයි. අපිත් රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර අරගත්තා. ඒත් පසුගිය 2021- 2022 වසරවල මේ රටේ නීතිය හා සාමය කඩා වැටුණා. ගෙවල් විනාශ කළා, ගෙවල්වලට ගිනි තිබ්බා. මේ විදියට නීතිය හා සාමය කඩා වැටෙද්දි නැවත රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට අපට සිදු වුණා.

රට තුළ සිදුවූ විනාශකාරි ක්‍රියාවන් පසුපස මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් ද සිටියා. ඒ නිසා රටේ ආර්ථිකය හදන ගමන් මත්ද්‍රව්‍ය පාලනය කිරීමටත් අපට සිදු වුණා. මත්ද්‍රව්‍ය පාලනය කිරීම වෙනුවෙන් මෙම ප්‍රජා පොලිස් කමිටු ඇති කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන විට මෙය සාර්ථක වෙයිද, නැද්ද කියා ප්‍රශ්නයක් තිබුණා. නමුත් අද මෙය සාර්ථක වැඩපිළිවෙළක් බවට පත්ව තිබෙනවා. අද බොහෝ ප්‍රදේශවල සොරකම් සිදුවන්නේ මත්ද්‍රව්‍ය නිසා. මත්ද්‍රව්‍යවලට අවශ්‍ය මුදල් සොයා ගන්න ඔවුන් සොරකම් කරනවා. මෙම තත්ත්වය ඉදිරියට යන්න දෙන්න බැහැ. අද ඇෆ්ගනිස්ථානයේ සිට අපේ රටට මත්ද්‍රව්‍ය පැමිණෙනවා. පාකිස්ථානය, ඉන්දියාව මේ සියලු රටවලට මෙම මත්ද්‍රව්‍ය එනවා. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු වන්නේ මුහුදු මාර්ගයෙන්. ඒ නිසා අපට දැන් නාවික හමුදාව මේ කටයුතු වෙනුවෙන් යෙදවීමට සිදුව තිබෙනවා. කලාපයේ සියලු රටවල් එක්වෙලා මීට විසදුමක් සෙවිමට දැන් තීරණය කර තිබෙනවා.

ඒ සමඟම අප ගම්වල මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා. සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කරන අතරම මත්ද්‍රව්‍ය ජාවාරම ගැන විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් විනාශ වෙන්නේ අපේ අනාගත පරපුරයි. ඒ නිසා මෙහිදී අප සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. ඒ පිළිබඳ පොලිසිය සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. එහිදී ගමේ පන්සල ඇතුළු ආගමික ස්ථාන වෙත විශේෂ කාර්යයක් පැවරෙනවා. ඒ වගේම පාසල තුළ මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය යුතුයි. ඇතැම් සිසුන් පාසල්වලට මත්ද්‍රව්‍ය ගෙන එනවා. ඒ නිසා මත්ද්‍රව්‍යවල එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් මම මෙම කමිටුවලින් ඉල්ලා සිටිනවා. මෙහිදී අකමැත්තෙන් හෝ ඇතැම් අය නීතිය යටතේ ර‍ඳවා ගැනීමට මට සිදුව තිබෙනවා. මෙම තිබෙන නීති ප්‍රමාණවත් නැහැ. තව අලුත් නීති අවශ්‍යයි.

සිංගප්පූරුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා. එච්චර දුර යාමට අපට අවශ්‍ය නැහැ. නමුත් මේ අය අත්අඩංගුවේ තබා ගැනීම අවශ්‍යයි. මෙම පිරිස් අත්අඩංගුවට ගත් පසු මානව හිමිකම් ගැන කථා කරන ඇතැම් නීතිඥ මහත්වරුත් මේ අය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඒ ගැන මම පුදුම වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම මානව හිමිකම් උල්ළංඝනය කිරීමක් බව මම විශ්වාස කරනවා. මත්ද්‍රව්‍ය අළෙවි කිරීම මානව හිමිකම් උල්ළංඝනය කිරීමක් නොවන බවත් , මත්ද්‍රව්‍ය අළෙවි කරන අය අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් උල්ළංඝනය කිරීමක් බවත් ඔවුන් කියනවා . ඒ නිසා මේ පිළිබඳ අපේ ස්ථාවරත්වය කුමක්ද කියා පාර්ලිමේන්තුව තීරණය කළ යුතුයි. රටට තිබු ආර්ථික තර්ජනයෙන් අද අප ඉවතට පැමිණෙමින් සිටිනවා. පසුගිය වසර දෙක තුන තුළ අප ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්නා. ජීවත්වීම සඳහා ඇතැම් අය සොරකම් කළා. නමුත් අද සොරකම් කරන්නේ මත්ද්‍රව්‍ය මිලදී ගැනීමටයි. අප දැන් ටිකෙන් ටික ආර්ථිකය සකස් කරගෙන යනවා. අප ලබාගේ ණය ආපසු ගෙවීම සඳහා සහන ලබාගෙන තිබෙනවා. අලුත් ආර්ථික ක්‍රමයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන අතරම රාජ්‍ය මුදල් නිසි ලෙස පාලනය කිරීමට අපි වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය මුදල් පනත, රාජ්‍ය ණය පනත සහ මහ බැංකු පනත සකස් කර තිබෙනවා. අපට දැන් අය වැය පාලනය කිරීමට සිදු වෙනවා.

පසුගිය කාලයේ අඩු ආදායම්ලාභී ජනතාවට සහන ලබාදිම වෙනුවෙන් අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ වගේම රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබාදීමට කටයුතු කළා. රටේ ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතා පිළිබඳ අපට අවබෝධයක් තිබෙනවා. ඒ නිසා රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ ජනතාවට සහන ලබාදීම සමබරව සිදු කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. දැන් ඇතැම් අය කියනවා තවත් වැටුප් වැඩිකිරීම් අවශ්‍යයි කියලා. එය අසීරු වැඩ කටයුත්තක්. අපි ගුරුවරුන්ට 2022 වැටුප් වැඩි කිරීමක් සිදු කළා. ඒ වගේම 2024රුපියල් දස දහසක දීමනාව ලබා දුන්නා. ඒ නිසා එම ඉල්ලීම් අසාධාරණයි. ඔවුන්ට දෙවරක් දීමනා ලැබෙන විට අනිත් අයට ලැබුනේ එක් වරයි.

ඒ වගේම සංවර්ධන නිලධාරින්, ලිපිකරුවන් කියනවා වැටුප් වැඩි කරන්න කියලා. මෙම වැටුප් වැඩිකිරීම් සිදු කළොත් දෙන්න සල්ලි නැහැ. එවිට බදු වැඩි කිරීමට සිදු වෙනවා. දැන් 18%ක වැට් බද්දක් අය කරනවා. එම දීමනාව ලබා දුන්නොත් නැවත වැට් බදු වැඩි කිරිමට සිදු වෙනවා. එය ජනතාවට දරා ගන්න බැහැ. ඒ වගේම රජයේ සේවයේ සිටිය යුත්තේ ලක්ෂ 10යි. නමුත් මේ වන විට ලක්ෂ 15ක් සිටිනවා. ඇතැම් අය කිව්වා ලක්ෂ 05ක් වැටුප් රහිත නිවාඩු යවන්න කියලා. පස්සේ එම ගෙවීම් කරන්න කිව්වා. ලක්ෂ 10කට වැටුප් ලබා දෙන්න වැට් බද්ද 18%ක් දක්වා වැඩිකරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා ඔවුන් කිව්වා.

එහිදී මම කිව්වා කිසිවෙකු නිවාඩු යවන්න බැහැ කියලා. ජනතාවගෙන් බැනුම් අහලා වැට් බදු වැඩි කරලා රාජ්‍ය සේවකයන්ට වැටුප් ලබා දුන්නට පස්සේ මේ වසරේ නැවත ඔවුන්ට වැටුප් වැඩිවීමක් ලබාදෙන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. එලෙස වැටුප් වැඩිවීමක් ලබාදුන්නොත් ජනතාව අපහසුතාවට පත් වෙනවා. මේ මාසයේ මැද සිට මැතිවරණවලට සූදානම් විය යුතුව තිබෙනවා. නමුත් ලබන වසරේ මෙම වැටුප් සංශෝධන ගැන සොයා බැලීමට අප මේ වන විට කමිටුවක් පත් කර තිබෙන අතර 2025 අය වැයේදී එම අවශ්‍ය මුදල් වෙන් කිරීමට කටයුතු කරනවා.

රට ආර්ථික වශයෙන් ගොඩනැ‍ඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩා බිඳ දැමීමට ඇතැමුන් උත්සාහ කරනවා. අප මෙම වැටුප් වැඩිවීම්වල මුදල් ලබා දුන්නහොත් අපට ලැබීමට තිබෙන ඩොලර් බිලියන 08 අහිමි වෙනවා. අද රටේ තිබෙන ආර්ථිකය අනුව කිසිදු පක්ෂයකට මෙය කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම අප දැන් ඉදිරියට යන විට අපේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත් කළ යුතුයි. ඒ වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය ගෙනැවිත් තිබෙනවා. ඒ අනුව නවීන කෘෂිකර්මාන්තය රට තුළ ඇති වෙනවා. මෙම ඌව පළාත විශාල කෘෂි අපනයන ප්‍රදේශයක් ලෙස දියුණු කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය වගේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය දියුණු කළ හැකියි. අප රට තුළ අලුත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. මෙම කටයුතු කරන අතරතුර මත්ද්‍රව්‍ය නිසා අපේ අනාගත පරපුර විනාශ වෙනවනම් අපේ උත්සාහයෙන් ඵලක් නැති වෙනවා. එම තරුණ පරපුර ආරක්ෂා කිරීමේ වගකීම ඔබට පැවරෙනවා.”