28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරට ගොඩනගන්න පුළුවන් මට විතරයි - ධම්මික

රට ගොඩනගන්න පුළුවන් මට විතරයි – ධම්මික

රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ඩී පී එඩියුකේෂන් ආයතනයේ අයි.ටී.කැම්පස් හි අධ්‍යාපනය ලැබූ සාමණේර හිමිවරු සහ දරුවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රටේ ආර්ථිකය ගොඩනගන ක්‍රමය පිළිබඳව කිසිදු දේශපාලන පක්ෂයක් විසින් ජනතාවට ප්‍රකාශ නොකිරීම හේතුවෙන් සියයට 44% ක් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම මෙතෙක් තීරණය කර නොමැති බවයි.

ශ්‍රී ලංකාව දියුණු කිරීම සඳහා වර්තමානයේ පවතින මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනුවට ජාත්‍යන්තරයේ පවතින අධ්‍යාපනයට සමාන අධ්‍යාපන ක්‍රමයක් මෙරට නිර්මාණය කළ යුතු බවයි ඔහු එහිදී කියා සිටියේ.

ලංකාවේ විශාලතම පක්ෂය වන පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙස තමන් ක්‍රියාවන් සිදු කර පෙන්වා ඇති බවත් ජනතාවගේ ප්‍රධානතම ඉලක්කය ආර්ථිකය හදන පුද්ගලයෙකු බලයට ගෙන ඒම බවත් ඔහු එහිදී අවධාරණය කළේය.