29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවනිඳුට ලක්ෂ 11ක දඩයක්

වනිඳුට ලක්ෂ 11ක දඩයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මහනුවර ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට රුපියල් ලක්ෂ 11ක දඩයක් පැනවීමට තරඟ කමිටුව තීරණය කර තිබෙනවා.

LPL තරඟයේ ඇඳුම් පැළඳුම්වලට අදාළ නීති කඩ කිරීම හේතුවෙන් ඔහුට මෙම දඩය නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

තරඟයට සහභාගී වන සියලුම ක්‍රීඩකයින්ට ඔවුන්ගේ කණ්ඩායම්වල ඇඳුම් ලබාදී තිබුණද වනිඳු වෙනත් ලාංඡනයක් සහිත හිස්වැසුමක් පැළඳ පිටියට පැමිණීම හේතුවෙන් ඔහු තරඟයේ ඇඳුම් පැළඳුම් සම්බන්ධ නීතිය උල්ලංඝනය කර ඇති බවයි තරග කමිටුව පවසන්නේ.

මෙම සිද්ධිය හේතුවෙන් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ට අයත් නොවන ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙසයි තරඟාවලි කමිටුව නිවේදනය කර ඇත්තේ.

වනිඳු හසරංග පසුගිය කාලය තුළ සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය ඔස්සේ විවිධ විවේචනවලට ලක්වනවා.