― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsඅද අප සිටින්නේ විද්‍යාව සහ ධර්මය එකට මුණගැසෙන සංධිස්ථානයකයි

අද අප සිටින්නේ විද්‍යාව සහ ධර්මය එකට මුණගැසෙන සංධිස්ථානයකයි

බුදු දහම සහ මේ වනවිට අප ගමන් කරමින් සිටින නවීන විද්‍යාත්මක හා තාක්ෂණික ලෝකය අතර විශාල සම්බන්ධතාවක් ඇති බවත් ලෝකය හමුවේ ඇති ඉදිරි අභියෝග ජය ගැනීමේ මාර්ගය බුද්ධ දේශනාව තුළ ඇතුළත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ ඊයේ (08) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර දින ආදිකතෘ සැමරුම් උත්සවයට එක්වෙමිනි.

ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ දර්ශනයත් මෙරට ඉතිහාසය, ශිෂ්ටාචාරය සහ බුදු දහම ලෝකයේ ව්‍යාප්ත වීම පිළිබඳව අධ්‍යයනය කළ හැකි සහ පාලි, සංස්කෘතික ඇතුළු භාෂා දැනුම වර්ධනය කර ගත හැකි නව ආයතනයක් මෙරට ස්ථාපිත කිරීමට සාකච්ඡා කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා ඉතිහාසයේ අනුරාධපුර මහා විහාරය සිදු කළ වැඩකටයුතු නැවත ආරම්භ කිරීම එහි අරමුණ බවද කියා සිටියේය.

අමරපුර මහා නිකාය ආරම්භ කිරීමෙන් පසු ආදි කර්තෘවරුන් සිහි කිරීම සාම්ප්‍රදායිකව සිදු වෙනවා. අමරපුර නිකාය නවීන ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ කොටසක්. අපේ මහකරාවේ ශ්‍රී ඥානවිමලතිස්ස ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම අරමරපුර මහා නිකාය ආරම්භ කෙරුණා. මේ රටේ ඇති වූ බෞද්ධ ප්‍රබෝධයත්, සිංහල ව්‍යාපාරයේ ශක්තියත් යන දෙකම එක් කර ගනිමින් 20 වන ශතවර්ෂයේ දී ආගමික, දේශපාලනික හා සමාජයීය යන සෑම ක්ෂේත්‍රයකම මතය නියෝජනය කරමින් ලංකාවේ සමාජ ක්‍රමය හැඩ ගැසුණා. එහිදී අමරපුර මහා නිකායෙන් සිදු වූ සේවය ඉතා වැදගත් කොට සැලකිය යුතුයි. මේ රටේ ඉතිහාසයේ ගොඩනැගීම වෙනුවෙන් ඇති වූ බලවේගයක් ලෙස අමරපුර නිකාය හැඳින්විය හැකියි.

අද අප සිටින්නේ විද්‍යාත්මක හා තාක්ෂණික ලෝකයකයි. සිතාගත නොහැකි අන්දමින් අද ලෝකය වෙනස් වී තිබෙනවා. විශේෂයෙන්ම මුළු ලෝකයම කෘතිම බුද්ධිය පිළිබඳ අවධානය යොමු කර තිබෙන අවස්ථාවක අපත් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. තවත් වසර 05ක්-10ක් යන විට කෘතීම බුද්ධි තාක්ෂණය සහ මනස අතර තිබෙන සම්බන්ධය පිළිබඳ අපට පුළුල් අවධානයක් යොමු කිරීමට සිදු වෙනවා. විශේෂයෙන් බුදු දහම සහ කෘතීම බුද්ධි තාක්ෂණය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ සොයා බැලීමේ පර්යේෂණ කටයුතු සිදු කිරීම වෙනුවෙන් රජයේ ප්‍රතිපාදන මත වැඩසටහනක් ආරම්භ කිරීමට මම තාක්ෂණික අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා. ඒ පිළිබඳ මහා සංඝරත්නය සහ ගිහි පිරිස සමඟ සාකච්ඡා කරමින් එම කටයුතු ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා.

අද අපි සමාජක් ලෙස ඉදිරියට යා යුතුයි. එහිදී අපට පසුබැසීමට බැහැ. අපේ රටේ කීර්තිමත්ම යුගය ලෙස සලකන්නේ අනුරාධපුර යුගයයි. අනුරාධපුර යුගයේදී මහාවිහාරය, ජේතවනාරාමය, අභයගිරිය වැනි ප්‍රධාන පිරිවෙන් බිහි වුණා. එදා ගිහි පැවදි සියලුදෙනා අධ්‍යාපනය ලැබුයේ මෙම පිරිවෙන්වලින්. මහාසෑය, ජේතවනාරාමය, අභයගිරිය වැනි විශ්ව කර්ම ඉදිකිරිම් සිදු කිරීමට එදා අපේ ජනතාව දැනුම ලබාගත්තේ මෙම පිරිවෙන් අධ්‍යාපනය තුළින් බව කිවයුතුයි. ඒ වගේම වත්මන් ඉංජිනේරුවන් පවා පුදුම කරවන අපේ විශිෂ්ට වාරි සංස්කෘතියත්, සීගිරිය වැනි විශිෂ්ට නිර්මාණත් බිහි වුණේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය නිසයි.

නවීන දැනුම සහ මෙම විශිෂ්ටතා එක් කර ගනිමින් අප රටක් ලෙස ඉදිරියට යා යුතුයි. අද පරිසරය සහ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. බුද්ධ දේශනාව තුළ දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා අවශ්‍ය දැනුම අන්තර්ගතව තිබෙනවා. පරිසරය රැක ගැනීම පිළිබඳ අප කුඩා කාලයේ සිටම ඉගෙන ගෙන තිබෙනවා. අද ලෝකය ඉදිරිපත් කරන අලුත් මත බුද්ධ දේශනාව තුළ අන්තර්ගත වී තිබෙනවා. අද අප සිටින්නේ විද්‍යාව සහ ධර්මය යන දෙකම එකට මුණ ගැසෙන සංධිස්ථානයකයි. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය සහ ත්‍රිපිටකයේ ඇතුළත් කරුණු සහ අද තිබෙන විද්‍යාත්මක ලෝකය අතර තිබෙන සම්බන්ධකම විමසා බැලීමට රජයක් ලෙස අපේ අවධානය යොමුව තිබෙනවා. එය රජයට තනිව කළ නොහැකි අතර සියලුදෙනා එක් වී එම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි.

ඒ වගේම මහා බ්‍රිතාන්‍යයේ ඩර්හැම් විශ්වවිද්‍යාලය සමඟ එක්ව මහා විහාරයේ කැණීම් කටයුතු සිදු කිරීමට අප දැනට සාකච්ඡා කරගෙන යනවා. ලුම්බිණිය මහාමයා දේවි විහාරස්ථානයේ කැණීම් කටයුතු සිදු කළේ‍ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ කනින්හැම් මහාචාර්යවරයා. මහා විහාරයේ කැණීම් කටයුතු සිදු කිරීමට අප එතුමා සමඟ සාකච්ඡා කර තිබෙනවා. මෙම කටයුතු අවසන් වන විට වසර 20-25ක් ගතවුවත් අපේ ඉතිහාසය මතු පරපුරට දායාද කිරිම වෙනුවෙන් අප මෙම කටයුතු සිදු කළ යුතුයි. ඒ වගේම යුනෙස්කෝ ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂ ජනරාල්වරිය ලබන සතියේ මෙරටට පැමිණෙනවා. මුළු අනුරාධපුර නගරයේම කැණිම් කටයුතු සිදු කිරීම පිළිබඳ මම එතුමියගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා වසර 50ක්වත් ගත වනු ඇති බව අපේ මහාචර්යවරයෙකු ප්‍රකාශ කළා. ඊජිප්තුව වසර 100ක් ගිහින් තවමත් එම කැණීම් කටයුතු අවසන් කර නැහැ.

එසේම අනුරාධපුර මහා විහාරය සිදු කළ වැඩකටයුතු නැවත ආරම්භ කිරීම වෙනුවෙන් අලුත් ආයතනයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ දර්ශනය හැදෑරීමට එමගින් අවස්ථාව ලැබෙනවා. මෙම කටයුතු ඒ සඳහා පමණක් සීමා කරන්නේ නැහැ. මහායන බුදු දහම ඇතුළු සියලු ධර්මයන් පිළිබඳ මෙහිදී අවධානය යොමු කළයුතු වෙනවා. තවදුරටත් ඉදිරියට යමින් නැති වුණ නිකායන් පිළිබඳවද තොරතුරු අධ්‍යයනය කළයුතුයි. බුදුන් වහන්සේ ධර්මය දේශනා කළ සමයේ තිබුණු ආගම් පිළිබඳව එනම් ආලාර, කාලාම, උද්දකරාම පුත්‍ර මේ සියලුදෙනා පිළිබඳ අධ්‍යයනය කළ යුතුයි. දර්ශනය, ඉතිහාසය, ශිෂ්ටාචාරය සහ බුදු දහම ලෝකයේ ව්‍යාප්ත වීම පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

ඒ වගේම බෞද්ධ දර්ශනයට අදාළ භාෂා පිළිබඳ අවධානය යොමු කළයුතුයි. පාලි, සංස්කෘතික, චීන ඇතුළු භාෂා දැනුම ලබා ගැනීම අවශ්‍යයි. එසේම අද ලෝකයේ තිබෙන අනෙකුත් ආගම් පිළිබඳව ද දැනුම ලබාගත යුතුයි. තවත් වසරක් පමණ ගත වන විට මේ සඳහා නව ආයතනයක් ඇති කිරීම පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. බුදු දහම සහ අප ගමන් කරන නවීන තාක්ෂණික ලෝකය අතර විශාල සම්බන්ධතාවක් තිබෙනවා. එම සම්බන්ධතාව අවබෝධ කරගනිමින් අප ඉදිරියට යාමට කටයුතු කරමු.”