27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනරේන්ද්‍ර මෝදි රුසියාවේ සංචාරයක

නරේන්ද්‍ර මෝදි රුසියාවේ සංචාරයක

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින්ගේ ආරාධනයකට අනුවයි.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මෝදිගේ මෙම සංචාරයේදී 22 වන ඉන්දීය – රුසියා වාර්ෂික සමුළුවට සහභාගී වීමට නියමිත බවයි.

දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගත හැකි නිසාවෙන් මෙම රාජ්‍ය සංචාරය ඉන්දියාවට විශේෂ වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පවසනවා.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, මෝදි එරට තුළ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

රුසියානු සංචාරයෙන් පසුව ඉන්දීය අගමැතිවරයා ඔස්ට්‍රියාවට පැමිණීමට නියමිත අතර ඉන්දීය අගමැතිවරයෙක් මෙලෙස ඔස්ට්‍රියාවට නිල සංචාරයක් සිදුකරන්නේ වසර 41 කට පසුවයි.