26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලක්ෂ 20ක කේරළ ගංජා STF අත්අඩංගුවට

ලක්ෂ 20ක කේරළ ගංජා STF අත්අඩංගුවට

මහා පරිමාණයෙන් ජාවාරම් කිරීම සඳහා සඟවා තිබූ ලක්ෂ විස්සකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා තොගයක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (08) අඩම්පන් පොලිස් වසමේ, වෙඩිතලතිව් ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී මහා පරිමාණයෙන් ජාවාරම් කිරීම සඳහා සඟවා තිබූ ලක්ෂ විස්සකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10 ග්‍රෑම් 365 ක් අඩංගු පාර්සල් 05 අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා අඩම්පන් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.