28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවතුර වළකට වැටී කුඩා බිළිඳෙක් ජීවිතක්ෂයට

වතුර වළකට වැටී කුඩා බිළිඳෙක් ජීවිතක්ෂයට

අවුරුද්දයි මාස හතරක් වයසැති කුඩා දරුවෙක් ඊයේ (08) නිවස අසල තිබූ වතුර වළකට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුගහකඳුර වැවතැන්න ගම්මානයේ පදිංචිව සිටි කුඩා දරුවෙක්.

සිඟිත්තාගේ මව, නිවසේ සිටින තවත් කුඩා දරුවෙකුට සිඟිත්තාව බලා ගන්නට භාර දී තේ දළු කැඩීමට නිවෙසින් පිටව ගොස් ඇති අවස්ථාවේ දීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

පසුව වතුර වළට වැටුණු සිඟිත්තාව නිවැසියන් විසින් ගොඩට ගෙන රෝබේරිය රෝහල වෙත ඇතුළත් කළද, ඒ වනවිටත් එම දරුවා ජීවිතක්ෂයට පත්ව සිට තිබෙනවා.

දරුවාගේ දේහය බදුල්ල පළාත් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.