― political ―

කඩාවැටුණු රට යළි ගොඩ ආවේ රනිල්ගේ දුරදක්නා නුවණ නිසා

මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
HomeHot Newsවැඩ වර්ජන නිසා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා

වැඩ වර්ජන නිසා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා

මැතිවරණයක් ආසන්නයේ අයුක්ති සහගත වැඩ වර්ජන දියත් කිරීමෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද අහිමි කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම වර්ජන, උද්ඝෝෂණ මඟින් බලාපොරොත්තු වන්නේ ජනතාවට ලැබෙමින් තිබෙන සහනදායී ජීවන තත්ත්වය කඩාකප්පල් කිරීම ද යන්නට විපක්ෂය පිළිතුරු සැපයිය යුතු බවයි.

2022 වර්ෂයේ සිට විශාල ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ රාශියක් අප අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කළා. පාර්ලිමේන්තුවට පනත් රැසක් ඉදිරිපත් කළා මෙන්ම තවත් පනත් කිහිපයක් ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම ලෝක බැංකුවේ සහයෝගය ඇතිව 2020 – 2030 ඩිජිටල් ආර්ථික සැලැස්ම එළි දැක්වීම ද සිදුකළා. අද වන විට පවතින අමෙරිකානු ඩොලර් බිලියන 3ක ඩිජිටල් ආර්ථිකය 2030 වසර වන විට අමෙරිකානු ඩොලර් බිලියන 30 දක්වා වර්ධනය කිරීම අපගේ අරමුණ වී තිබෙනවා.

එමෙන්ම හෙට (09) දිනයේ පාර්ලිමේන්තුවේ දී විදුලි සංදේශ පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වනවා. මෙම පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන්නේ වසර 28 පසුව බව ද සඳහන් කළ යුතුයි. පාරිභෝගිකයා ආරක්ෂා කිරීම මෙන්ම දුරකතන සමාගම් අතර තරඟකාරීත්වය සාධාරණ තරඟකාරීත්වයක් බවට පත්කිරීම ද මෙහි එක් අරමුණක් වනවා. මීට පෙර විදුලි සංදේශ පද්ධති බලපත්‍රයට පමණක් මෙම පනත සීමා වී තිබුණා. ඒ අනුව සංශෝධන අනුමත කරගැනීමෙන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ද වෙනස් වනවා.

ඒ වගේම ඉදිරියේ දී චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගනිමින් අන්තර්ජාල පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වනවා. සමුද්‍ර කේබල් සේවාව සඳහා බලපත්‍ර ලබාදීමට සහ නියාමනය කිරීමට ද අප කටයුතු සූදානම් කරමින් තිබෙනවා. තාක්ෂණ ප්‍රවර්ධන පනත ද මෙම වසර තුළ ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වනවා. එමෙන්ම තාක්ෂණ හා නවෝත්පාදන කොමිසම පිහිටුවීමට ද බලාපොරොත්තු වනවා. එමඟින් රටේ ඇති සියළුම සංවර්ධන සහ නවෝත්පාදන සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම සිදුවනවා. පර්යේෂණ වාණිජකරණය කිරීම මෙන්ම උපදෙස් ලබාදීම ද ඒ හරහා සිදු කිරීමට නියමිතයි.

තවද මේ වන සිදු කෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ගවලට අනුව සියළුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000ක දීමනාවක් ඉල්ලා සිටිනවා. එම දීමනාව ලබාදීමට නම් වර්ෂයකට තවත් රුපියල් බිලියන 280ක පමණ වියදමක් දැරිය යුතු වනවා. රට පවතින තත්ත්වය හමුවේ එම වියදම් සොයා ගන්නා ආකාරය විපක්ෂය සඳහන් කළ යුතුයි. ඒ වගේම මැතිවරණයක් ආසන්නයේ අයුක්ති සහගත වැඩ වර්ජන දියත් කිරීම හමුවේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද අහිමි කර තිබෙනවා. එහි අවසන් ප්‍රතිපලය භුක්ති විදීමට සිදුව ඇත්තේ සාමාන්‍ය ජනතාවට බව වර්ජනයේ නිරත පිරිස් වටහා ගත යුතුයි.

මෙම වර්ෂය තුළ දී අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් රුපියල් බිලියන 11ක් ලබාදිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කර තිබෙනවා. මෙම උද්ඝෝෂණ මඟින් විපක්ෂයේ පාර්ශ්ව බලාපොරොත්තු වන්නේ ජනතාවට ලැබිය යුතුව තිබෙන සහනදායී ජීවන තත්ත්වය කඩාකප්පල් කිරීම ද යන්නට විපක්ෂය පිළිතුරු සැපයිය යුතුයි.”