29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot NewsOnmax DT ගැන අධිකරණයෙන් නියෝගයක්

Onmax DT ගැන අධිකරණයෙන් නියෝගයක්

Onmax DT පිරමීඩ සමාගමේ ආයෝජනය කළ තැන්පත්කරුවන්ගේ මුදල් අහිමිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කොට ඒ පිළිබඳ වැඩිදුර වාර්තාවක් අගෝස්තු මස 7 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අදාළ සමාගමේ අධ්‍යක්ෂවරු විසින් එම සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් පිළිබඳ විස්තර සහ ඊට අදාළ දත්ත අධිකරණයට ඉදිරිපත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ මේ හා සමාන ආයෝජන ක්‍රම දෙකක් නීතිවිරෝධී ආකාරයෙන් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවයි.

ඒ පිළිබඳව විමර්ශන සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා ඊට අදාළ සැකකරුවන් සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.

ඉන් අනතුරුව පැමිණිල්ල අගෝස්තු මස 7 වැනිදා කැඳවන ලෙසත් නියම කළා.