මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් සිර වී තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම මධ්‍යම තැපැල් හුවමාරුවේ දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 07ක පමණ ප්‍රමාණයක් සිරවී ඇති බව වාර්තා වනවා.
සේවක පුරප්පාඩු නිරාකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් වෘත්තිය සමිති එකමුතුව විසින් පෙරේදා (08) වැඩ වර්ජනයක් අරඹනු ලැබුවා.