― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරනිල්ට තව අවුරුදු 05ක් දෙන්න ඕනේ - අලි සබ්රි

රනිල්ට තව අවුරුදු 05ක් දෙන්න ඕනේ – අලි සබ්රි

“ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව එක්කෝ මේ රට හැදෙයි නැත්නම් මකබෑවිලා යාවි” යනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කළුතර මාර්ග සංවර්ධන ව්‍යාපෘති කීපයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට අද (10) එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ බොරු පොරොන්දුවලට මුලා වී රෑ වැටුණු වලේ දවල් වැටෙනවාද යන ප්‍රශ්නය මතු වී ඇති බවත් පොළොවේ පය ගසා සිටිය හැකි නියම ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්නේ කවුද කියා ජනතාව සැලකිලිමත් විය යුතු බවත් ය.

පසුගිය කාලය තුළ අමාරුවෙන් ගොඩනගා ගත් ශක්තිමත් ආර්ථීක වැඩපිළිවෙළක් ගොඩ නැගීගෙන එන වෙලාවක් මේක. පුද්ගලයෙක් ජයග්‍රහණය කළ යුතු එකක් නෙවෙයි. වැඩපිළිවෙලක් ජයග්‍රහණය කළ යුතු එකක්. කවුරු හරි කියනවා නම් යමක් දෙන්නම් කියලා ඒක දෙන්න වෙන්නෙ නෑ එහෙම දුන්නොත් වෙන්නේ ඩොලර් එක 400ට 500ට යන එකට සමානව බඩු මිල අහස උසට යයි. පොළොවේ පය ගහලා ඉන්න පුළුවන් නියම ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්නේ කවුද කියලා තමයි ජනතාව සැලකිලිමත් වන්නට ඕනේ. බොරු පොරොන්දුවලට මුලා වෙලා රෑ වැටිච්ච වලේ දවල් වැටෙනවද කියන ප්‍රශ්නය මතුවෙලා තිබෙනවා. මම හිතනවා අපේ රටේ ජනතාව අමාරු කාලය දරාගෙන යළි නොවැටෙන ශක්තිමත් රටක් නිර්මාණය කරයි කියලා.

විදේශ රටවල් ලංකාව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එම පිළිබඳව ඇත්තේ විශාල ගෞරවයක්. ඔවුන් බලාපොරොත්තු වෙනවා ඡන්දෙන් පසුවත් මේ ආර්ථික තත්ත්වයම දිගටම පවත්වාගෙන යයි කියලා. මේ කලාපෙම තියෙන හොඳම රට බවට පත්වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉස්සර හිටපු හොඳම යාළුවෝ ටික නැවත අපේ හොඳට යාළු කරගෙන තියෙනවා. ගිය සතියේ මම විදෙස් ඇමතිවරයා හැටියට සිංගප්පූරුවට ගියා ලී ක්වාන් අගමැතිතුමාගේ පුතා මුණගැසුණා එහිදී එතුමා ශ්‍රී ලංකාව කියන්නේ ශ්‍රේෂ්ඨ රටක් විශාල අනාගතයක් තියෙන රටක්. මෙච්චර කල් අඩියක් ඉස්සරහට තියලා අඩි දෙකක් පස්සට ආපු රටක්. මේ සැරේ නිසි අයුරින් ආර්ථිකය කළමනාකරණය කරමින් ජාතික සමගිය ගොඩනගා ගත හැකි වුවහොත් කලාපයේ ඇති වැදගත්ම රට වන බව නිසැකයි කියලා ඒ අය විශ්වාස කරනවා. ඒ වගේම ජපානයට ගිය අවස්ථාවේ ඔවුන් එකඟ වුණා නවතා දැමූ සංවර්ධන ව්‍යාපෘති 11ම නැවත ආරම්භ කිරීමට. එය අපි ලබා ගත් විශාල ජයග්‍රහණයක්.”