32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentලොරි - යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් රෝහලේ

ලොරි – යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් රෝහලේ

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේ දී යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් රිය අනතුරක් සිදු වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ධාවනය වූ යතුරුපැදිය මාර්ගයේ වංගුවක් සහිත ස්ථානයකදී ලිස්සා ගොස් ඇල්ල සිට වැල්ලවාය දෙසට ධාවනය වූ ලොරි රථයේ ඉදිපස කොටසේ හැපීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරින් යතුරුපැදියේ ගමන් කරමින් සිටි හුංගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 18 හැවිරිදි පුත්‍රයා බරපතළ තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.