― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot NewsSamsung සේවකයින් දින නියමයක් නොමැතිව වර්ජනයේ

Samsung සේවකයින් දින නියමයක් නොමැතිව වර්ජනයේ

දකුණු කොරියානු තාක්ෂණික දැවැන්තයෙකු වන Samsung Electronics සමාගමේ කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිතිය දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

වඩා හොඳ වැටුපක් සහ ප්‍රතිලාභ ඉල්ලා සිටිමිනුයි ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ.

මීට පෙරද Samsung Electronics හි සේවකයින් දින තුනක මහා වැඩ වර්ජනයක් පවත්වනු ලැබුවා.

නමුත් Samsung Electronics සමාගමේ සේවකයන් පවසා ඇත්තේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කළමනාකාරීත්වය සුදානම් නැති නිසා තමන් දින නියමයක් නොමැතිව වැඩවර්ජනයක නිරත වන බවයි.

එහි සාමාජිකයින් 30,000ක් පමණ මෙම වැඩ වර්ජනයට සහභාගී වී සිටින අතර ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් Samsung Electronics හි නිෂ්පාදනය අඩාල වන බවයි.

කෙසේ වෙතත් Samsung Electronics සමාගම පැවසුවේ වර්ජනය හේතුවෙන් නිෂ්පාදන මාර්ගවලට කිසිදු බාධාවක් සිදු නොවන බවට සහතික වන අතරම වෘත්තීය සමිතිය සමඟ සද්භාවයෙන් සාකච්ඡා කිරීමට කැපවී සිටින බවයි.