28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාරින්දට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

පාරින්දට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු ආරංචිමාර්ග පැවසුවේ අද (11) පෙරවරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් මෙම අවසරය ලබා දී ඇති බවයි.

මීට පෙර නීතිපතිවරයා ලෙස කටයුතු කළ සංජය රාජරත්නම්ගේ ධුර කාලය අවසන් වීම හේතුවෙන් ඔහු විශ්‍රාම ගැන්වීම සිදු කෙරුණා.

නීතිපති ධුරයේ පුරප්පාඩුව තාවකාලිකව අවසන් කිරීමට ජුලි 01 වැනිදා වැඩබලන නීතිපතිවරයා වශයෙන් ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

පාරින්ද රණසිංහ මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහගේ පුත්‍රයෙකු ද වනවා.