― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsරාජකාරියේ සිටි සැරයන්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

රාජකාරියේ සිටි සැරයන්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

අනුරාධපුර, රුවන්වැලි මහ සෑය පොලිස් මුරපොළේ රාජකාරි භාරව සිටි පොලිස් සැරයන්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ උඩමළුව පොලිසියේ, රුවන්වැලි මහ සෑය උප පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කළ බුලංකුලම වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 55 හැවිරිදි ජයතිලක නැමති සැරයන්වරයෙක් බවයි.

මෙම සැරයන්වරයා රුවන්වැලි සෑය පොලිස් මුරපොළේ රාජකාරි භාරව කටයුතු කරමින් සිට ඇති අතර අද (11) අලුයම පොලිස් මුරපොළේ ලේ විලක් මැද වැටී සිට තිබෙනවා.

මෙය සිය දිවි නසා ගැනීමක්ද? වෙඩිතැබීමක් යන්න සම්බන්ධයෙන් උඩමළුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.