30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentවෑන් - ලොරි අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

වෑන් – ලොරි අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

මුලතිව්, මුරුකන්ඩි ප්‍රදේශයේ අද (11) අලුයම සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාන්කුලම පොලිසිය පැවසුවේ එම රිය අනතුරෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් වෑන් රථයක්, එම ඩිසාවටම ගමන්ගත් ලොරි රථයක පසුපස කොටසේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් වෑන් රථයේ ගමන්ගත් 84 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් දෙදෙනා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.