27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් ජාවාරමේ යෙදුණු සිව්දෙනෙක් පොලිස් දැලේ

අයිස් ජාවාරමේ යෙදුණු සිව්දෙනෙක් පොලිස් දැලේ

දිගු කලක සිට උපකාර පන්ති අසල අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයින් සිව්දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (10) රාගම පොලිස් වසමේ හොරපේ දුම්රියපොළ ඉදිරිපිට දී සහ කුරුකුලාව ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසළ සහ හීන්කෙන්ද මුදිතා මාවතේ වැටලීම් 04ක් සිදුකර ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි රාගම සහ කුරුකුලාව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24ත් 34ත් අතර පසුවන පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 මිලි ග්‍රෑම් 930 ක්, යතුරු පැදියක්, රුපියල් 6,600ක මුදලක්, විද්‍යුත් තරාදියක් සහ ජංගම දුරකථන 03 සමග අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොවුන් සිව්දෙනා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.