32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොක්කුතුඩුවායි කැණීම්වලින් තවත් අස්ථි කොටස් හමුවෙයි

කොක්කුතුඩුවායි කැණීම්වලින් තවත් අස්ථි කොටස් හමුවෙයි

මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ තෙවන අදියරේ කැණීම් කටයුතු මේ වන විට අරඹා තිබෙනවා.

එහිදී අද (11) උදෑසන වනවිට මිනිස් සිරුරු 07 කට අයත් අස්ථි කොටස් හමු වූ බවයි මුලතිව් පොලීසිය පවසන්නේ.

පසුගිය පෙබරවාරි මස කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ දෙවන අදියරේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමුණු අතර ඒ වනවිටත් මිනිස් සිරුරු 40 කට අයත් අස්ථි කොටස් හමු වී එම කොටස් මුලතිව් මහරෝහලේ ආරක්ෂිතව අධිකරණ නියෝගයකට අනුව තැන්පත් කරනු ලැබුවා.

මේ අනුව තෙවන අදියරේ කැනීම් කටයුතු මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කොට දින 4 ක් ගෙවීගිය අතර එම කාලය තුළදී සිරුරු කොටස් 07 ක් සමඟින් යුද සමයේදී භාවිතා වූ නිල ඇඳුම් කොටස් කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.

මේ අතර කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ කැනීම් කටුයුත පිළිබඳ සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරීන් පිරිසක්ද මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත වී සිටිනවා.

සමූහ මිණීවලේ කැණීම් කටයුතු ඉදිරියටත් සිදුවන අතරම ඒ් සඳහා පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව නායකත්වය දෙනු ලබනවා.