― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම ජනතා අයිතියට

කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම ජනතා අයිතියට

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 5278 ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අද (11) විවෘත කෙරුණා.

දෛනික දුම්රිය ගමන්වාර 109 ක් සඳහා දුම්රිය ගේට්ටු වසා තැබීම නිසා සිදුවන ප්‍රමාදය හා මාර්ග තදබදය මඟහරවා ගැනීම ඉලක්ක කර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මාගා ඉංජිනේරු සමාගම (Maga Engineering) විසින් සිදුකරනු ලැබුවා.

රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතනයන්ගෙන් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නාගරික ප්‍රදේශයක් වන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බව නිරීක්ෂණය වී තිබුණා.

ඒ අනුව මෙම ගුවන් පාලම් ව්‍යාපෘතියේ නිමවීමත් සමඟ කොම්පඤ්ඤවීදියේ සිට ගාලු මුවදොර දෙසට හා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට රථවාහන තදබදයකින් තොරව ගමන් කිරීමේ හැකියාව හිමිවන අතර වාහන තදබදය නිසා නිකරුණේ මහමඟට වැයවු‍ණු ජනතාවගේ කාලය ජාතික ආර්ථිකයට එක්කර ගැනීමට හැකියාව ලැබෙනවා.