― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsටැටූ සංජුල මහේස්ත්‍රාත්වරියගෙන් රහසක් කියන්න ඉල්ලයි

ටැටූ සංජුල මහේස්ත්‍රාත්වරියගෙන් රහසක් කියන්න ඉල්ලයි

ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන ටැටූ සංජුල තමන්ට මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් සිදු කිරීමට අවසරයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

මොහු ඊයේ (10) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි මහේස්ත්‍රාත්වරියගෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ.

කෙසේනමුත් එහිදී මහේස්ත්‍රාත්වරිය දැනුම් දී ඇත්තේ ඒ පිළිබඳ ව නැවත වතාවක් සිතා බලා එම ඉල්ලීම සිදු කරන ලෙසයි.

එමෙන්ම ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් ඒ සඳහා අධිකරණයෙන් අවසර ලබා දී නැහැ.

අතුරුගිරිය ඝාතනය සිදු කිරිමට පැමිණි සැකකරුවන් මුහුදු මාර්ගයෙන් රටින් පලා යාම වැළැක්වීම සඳහා අවශ්‍ය ආරක්ෂක විධි විධාන ගෙන ඇති බව පොලිසිය පවසනවා.

වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පලා යාමට යොදා ගත් වෑන් රථය සම්බන්ධයෙන් ද තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වුණා.

අදාළ ඝාතනය සිදු කිරීම සඳහා ලොකු පැටී විසින් ටැටූ සංජුල නමැත්තා ඉත්තෙකු ලෙස පාවිච්චි කර ඇති බවට දැනට සිදු කළ විමර්ශනවලින් අනාවරණය වන බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.