29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදියඇල්ලකින් වැටී විදෙස් තරුණියක් ජීවිතක්ෂයට

දියඇල්ලකින් වැටී විදෙස් තරුණියක් ජීවිතක්ෂයට

ඇල්ල, පල්ලේවෙල දිය ඇල්ල නැරඹීමට ගිය ප්‍රංශ ජාතික තරුණියක් එහි ගල් පර්වතයකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොනික්වි යාකෝට් ඩර්කේන් නැමැති 19 හැවිරිදි තරුණියක් බවයි වාර්තා වන්නේ.

මෙම තරුණිය සිය පෙම්වතා සමඟ පසුගිය 25 වැනිදා සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

එහිදී මොවුන් දෙදෙනා ඇල්ල ප්‍රදේශයේ සංචාරයක ද නිරතව ඇති අතර ඇල්ල, පල්ලේවෙල දිය ඇල්ල නැරඹීමට ගොස් සිය පෙම්වතා සමග දිය ඇල්ලේ ගල්පර්වතයකට නැග ඡායාරූප ගැනීමට යාමේදී ඉන් ලිස්සා අඩි 200ක් පමණ පහළට ඇද වැටී තිබෙනවා.

ගම්වාසීන් හා පොලීසිය එක්ව මෙම තරුණිය ප්‍රපාතයෙන් උඩට ගෙන ප්‍රතිකාර සඳහා වැල්ලවාය රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පවසන්නේ.

එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.