― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමෙරට පළමු වරට කුරුඳු වගාව සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක්

මෙරට පළමු වරට කුරුඳු වගාව සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක්

රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබූ ජයග්‍රහණ යළි ගිලිහී යන බවත්, රටේ ගොඩනැඟෙන ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම අසත්‍ය ප්‍රචාරවලට හසු වුවහොත් ස්ථිර ලෙසම නැවත රටේ ආර්ථිකය කඩා වැටෙන බව පැවසුවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ ඉදිකළ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (10) පස්වරුවේ එක්වෙමිනි.

මෙරට පළමු වතාවට කුරුඳු වගාව සම්බන්ධයෙන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට 2023 අයවැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව යතාර්ථයක් කරමින් එහි ප්‍රධාන කර්යාලය මෙලස විවෘත කෙරිණි.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය දියත් කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

කුරුඳු කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා සකස් කළ දස අවුරුදු මාර්ග සිතියම හා කුරුඳු වගාව සම්බන්ධව සකස් කළ ‘කුරුඳු අත් පොත’ තාක්ෂණික ප්‍රකාශනය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු විය.

වසර 200කට පසු අප නැවත කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කරනවා. ඒ සමඟ දැන් නැවත රට තුළ කුරුඳු වගාව දියුණු කිරීමේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ කුරුඳු වගාව යළි රට තුළ දියුණු කිරීමයි. එහිදී පළමුව සිදු කළ යුත්තේ කුරුඳු නිෂ්පාදනය වැඩි කිරීමයි. එහිදී සෑම අක්කරයකින්ම උපරිම ඵලදාවක් ලබාගත යුතුයි. ඒ වගේම බාල කුරුඳු නොමැතිව ප්‍රමිතියෙන් යුතු කුරුඳු වර්ග වැඩිපුර වගා කළ යුතුයි. එසේම කුරුඳු වගා කරන භූමි ප්‍රදේශය ද වැඩි කළ යුතුයි. එහිදී අලුතින් ඉඩම් ලබාදීම වගේම තමන්ගේ ඉඩම්වල වෙනත් වගාවන් සමඟ කුරුඳු වගා කිරීමට රජය යෝජනා කරනවා. මෙම පියවර සමඟ කුරුඳු නිෂ්පාදනය තුන් හතර ගුණයකින් ඉහළ නංවාගත හැකියි.

ඒ වගේම කුරුඳු අලෙවිය ද වැඩිකළ යුතුයි. අලෙවියක් නැතිනම් නිෂ්පාදනය වැඩි කර ඵලක් නැහැ. ඒ නිසා අලෙවිය වැඩි කිරීමට අවශ්‍ය දේශීය හා විදේශීය උපදෙස් ලබා දීමට පියවර ගත හැකියි. සමාගම් එම වගකීම භාරගන්නවා නම් ඒ අයට සහාය ලබාදීමට රජය අපේක්ෂා කරනවා. අප නව වෙළෙඳපොළ අවස්ථා ලබා ගනිමින් ඉදිරියට යා යුතුයි. මෙම ප්‍රදේශයේ කුරුඳු සංවර්ධන මධ්‍යස්ථානයක් බවට මෙම ආයතනය පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පැරණි ක්‍රමය වෙනුවට නවීන ක්‍රමයට එම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. මේ අයුරින් බලන විට අප අනාගතය සොයා, අතීතයට පැමිණ තිබෙනවා.

අපේ රට බංකොලොත්වීමට ප්‍රධාන හේතුව වූයේ ආනයන ආර්ථිකයක රැඳී සිටීමයි. ආනයනය සඳහා අපි විශාල ලෙස ණය ලබාගත්තා. අප ක්‍රියාත්මක කළ නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති සමඟ අද අපට බංකොළොත්භාවයෙන් නිදහස් වීමට හැකි වී තිබෙනවා. ඒ වගේම අපට ගෙවීමට තිබු ණයවලින් ඩොලර් බිලියන 08ක් පමණ අඩු කර තිබෙන අතර ණය ගෙවීමට 2043 දක්වා කාලය ලබා දී තිබෙනවා. අප අපනයන ආර්ථිකයකට ගමන් නොකළහොත් තවත් වසර 15කින් නැවත අපේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා. එසේ නම් අප කඩිනමින් නව ආර්ථික ක්‍රමයකට යා යුතුයි. එහිදී අප අපනයන ආර්ථිකයක් තුළින් විදේශ විනිමය උපයා ගැනීමට කටයුතු කළ යුතුයි.

එදා අප ලෝකයට කුරුඳු ලබා දුන්නා. දැන් අප නැවත ඊට යොමු විය යුතුයි. එදා පුත්තලමේ සිට හම්බන්තොට දක්වා කුරුඳු වගා කළා. අප සැලැස්මක් අනුව එම කටයුතු නැවත ආරම්භ කළ යුතුයි. ඒ වගේම තොරතුරු තාක්ෂණය ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ නව ආයෝජන ලබා ගැනීම වෙනුවෙන් ද අප කටයුතු කරමින් සිටිනවා. වසර දෙකකට පෙර රටේ තිබු තත්ත්වය මම අමුතුවෙන් කිවයුතු නැහැ. ඇතැම් අය කිව්වා මේ රට ගොඩගන්න බැහැ කියලා. මම බලයට තන්හාවෙන් පැමිණියා කිව්වා. දැන් කෙසේ හෝ අපි රට ගොඩ අරගෙන තිබෙනවා. අප නිවැරදි මාර්ගයේ ගමන් නොකළහොත් මෙම ජයග්‍රහණය අප අතින් ගිලිහි යා හැකියි. අප දැන් මේ රට ඉදිරියට ගෙන යා හැකි මාර්ගය පෙන්වා දී තිබෙනවා. විවිධ පිරිස් විවිධ දේවල් කියනවා. විවිධ දිව්‍යලෝක පොරොන්දු ලබා දෙනවා. නමුත් රට ලැබූ ජයග්‍රහණය ආරක්ෂා කරගෙන ඉදිරියට යාම කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා අප මෙම නිවැරදි මාර්ගයේ තවත් වසර 10ක් ඉදිරියට ගමන් කළොත් අපට කිසිදු ප්‍රශ්නයක් නොමැතිව දියුණු වීමට අවස්ථාව තිබෙනවා.”