23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවෘත්තීය සමිති නායකයින්ට එරෙහිව දැඩි පියවර ගත යුතුයි

වෘත්තීය සමිති නායකයින්ට එරෙහිව දැඩි පියවර ගත යුතුයි

ජනතාව පීඩාවට පත් කරන වෘත්තීය සමිති නායකයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) පාර්ලිමේන්තුව අමතමිනි.

රටේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ සෑම දෙයක්ම කළ නොහැකි බව ජනතාව තේරුම් ගත යුතු බවත්, එම තත්ත්වය රටේ ජනතාව බොහෝ දුරට තේරුම් ගෙන ඇති බවත් ඔහු එහිදී සඳහන් කළේය.

ඇතැම් වෘත්තීය සමිති නායකයින් කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ගන්නා තීරණ හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටින බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.