― political ―

කඩාවැටුණු රට යළි ගොඩ ආවේ රනිල්ගේ දුරදක්නා නුවණ නිසා

මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
HomeHot Newsසමහරු හැංගෙද්දි කඩාවැටුණු රට බාරගත්තේ රනිල් විතරයි

සමහරු හැංගෙද්දි කඩාවැටුණු රට බාරගත්තේ රනිල් විතරයි

අරගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව මේ වනවිට නොබියව වේදිකා මතට නැගී මැතිවරණ ඉල්ලා සිටින තැනට රටේ තත්ත්වය වෙනස් වී තිබෙන බව වෙ‍ළෙඳ සහ පරිසර රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එවැනි තත්ත්වයක් රටේ ඇති වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්භීතව අභියෝගය බාරගෙන රට ගොඩනැගීමට කටයුතු කළ නිසා බවයි හෙතෙම සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

පසුගිය කාලයේ දැඩි ආර්ථික පරිහානියක තිබූ මේ රට දැන් ක්‍රමානුකූලව ඉදිරියට යමින් තිබෙනවා. එදා රටේ පැවතියේ අතේ සල්ලි තිබුණත් අවශ්‍ය දේවල් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් බව සිහිපත් කළ යුතුයි. මේ වන විට භාණ්ඩ මිල ගණන් පවා යම් ප්‍රමාණයකට අඩු වී තිබෙනවා. පැවති තත්ත්වයට සාපේක්ෂව වත්මන් තත්ත්වය යහපත් නමුත්, අපට ජය ගැනීමට තවත් අභියෝග රැසක් තිබෙනවා. මේ අභියෝග මධ්‍යයේ වුවද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය ජනතා ගැටලු විසඳීමට ක්‍රියාශීලිව කටයුතු කරමින් සිටිනවා.

රට ආර්ථික වශයෙන් තවදුරටත් සංවර්ධනය වනවිට ජනතාවට තිබෙන ප්‍රශ්න විසඳෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා. අර්බුද සමයේ රට ආර්ථික වශයෙන් කඩා වැටෙන විට ඇතැමුන් රට හැර ගියා. ඇතැම් දේශපාලන නායකයන් හැංගුණා. තවත් දේශපාලන නායකයන් රට භාර ගන්න ඉදිරියට ආවේ නැහැ. ඒ මොහොතේ රනිල් වික්‍රමසිංහ නිර්භීතව ඉදිරියට ඇවිත් මේ රට භාර ගත්තා. අරගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව පවා දැන් නොබියව වේදිකා මතට නැඟී විවිධ කතා කියමින් මැතිවරණ ඉල්ලා සිටින තරමට රටේ තත්ත්වය වෙනස් වී තිබෙනවා. මඩ පොකුණක මාළු බෑම පහසු බව ඔවුන් සිතනවා විය හැකියි. කොහොම නමුත් පවතින තත්ත්වය හමුවේ දේශපාලන වාසි ලබා ඔවුන්ගේ අපේක්ෂාව වී තිබෙනවා.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ මෙහොතේ වැඩි අවධානයක් යොමු කරන්නේ රටේ ජනතාව පීඩාවට පත්වන ගැටලු විසඳීමටයි. එම වැඩපිළිවෙළ සාර්ථකව නිම කිරීමට රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස මමත් හැකි පමණින් දායක වී සිටිනවා. එමෙන්ම අඩු මිලට භාණ්ඩ මෙරටට ආනයන කර වැඩි මිලට අලෙවි කරන හෝ තිබෙන භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීමට මිල නියම කරන දැවැන්ත මාෆියාවක් මේ රටේ ක්‍රියාත්මක වනවා. අප එම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. එම කාර්යයේදී සමූපකාර සමිතිවලට වැඩි වගකීමක් පැවරෙනවා. මිලියන 03ක පමණ සාමාජිකයින්ගෙන් යුත් සමුපකාර ජාලය හරහා නිෂ්පාදන බෙදාහරින අතරතුර සෘජුවම භාණ්ඩ ආනයනය කර අඩු මිලට ජනතාවට අලෙවි කිරීමට හැකියාව තිබෙනවා.”