29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසිසු සැරිය බස් සේවාව පුළුල් කිරීමට පියවර

සිසු සැරිය බස් සේවාව පුළුල් කිරීමට පියවර

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සිසු සැරිය ළමා ප්‍රවාහන සේවය පුළුල් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

පාසල් සිසුන්ට කිසිදු අපහසුතාවයකින් තොරව නියමිත වේලාවට පාසල් ගොස් නිරුපද්‍රිතව නිවෙස් වෙත පැමිණීමට මෙම සුවසැරිය ප්‍රවාහන සේවය 2005 වසරේදී ආරම්භ කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි දැනට පාසල් බස් රථ සේවා 1,537 ක් ක්‍රියාත්මක වන අතර දිනකට පාසල් සිසුන් ලක්ෂයක් පමණ මෙම ප්‍රවාහන සේවය භාවිතා කරනු ලබනවා.

එමෙන්ම මේ වසරේ නව සිසුරිය බස් සේවා 500ක් ආරම්භ කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මුදලින් රුපියල් මිලියන 202ක් වෙන් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා.