― political ―

කඩාවැටුණු රට යළි ගොඩ ආවේ රනිල්ගේ දුරදක්නා නුවණ නිසා

මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
HomeHot Newsඅද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ - සජිත්

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ බොරැල්ල, තිඹිරිගස්යාය සුමයවර්ධන මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ වැඩසටහනට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ සියලුම පාසල් දූ දරුවන් අමද්‍යප විය යුතු බවත් එය අශිෂ්ඨ සමාජ විෂමචාරී ක්‍රියාවක් බවත්ය.

දෙමාපියන් ද මත්පැන්වලින් තොරවිය යුතු බවත් දරුවන් අනුකරණය කරන්නේ දෙමාපියන් බැවින් ඒ ගැන අවධානය යොමු කරන ලෙසත් නිවැරදි දේ කර නිවැරදි ගමනක් යන්න වැඩිහිටියන්ට ගරු කර, නිහතමානී වී ශීලාචාර ශිෂ්ඨසම්පන්න සුහුරු පුරවැසි පරපුරකට මුල පුරන ලෙසත් තොරතුරු තාක්ෂණය වැළඳගෙන නව අධ්‍යාපනයට ඉඩ දී විපක්ෂ නායකවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

ආගම, ජාතිය, භාෂාව භාවිත කර ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට විවිධ පාර්ශ්ව උත්සාහ දරන බවත් සමහර පුද්ගලයන් සිංහල පමණයි දමිළ පමණයි කිව්වත් තමා කියන්නේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට මුලපිරිය යුතු බවත් අධ්‍යාපනය නැමැති වටිනා සම්පත කිසිදු අයකුට සොරාගත නොහැකි බවත් එය මරණ මංචකය දක්වාම සන්තකයේ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.