― political ―

කඩාවැටුණු රට යළි ගොඩ ආවේ රනිල්ගේ දුරදක්නා නුවණ නිසා

මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
HomeHot Newsකොලොන්න ඝාතනයේ වෙඩික්කරුවන් අත්අඩංගුවට

කොලොන්න ඝාතනයේ වෙඩික්කරුවන් අත්අඩංගුවට

පසුගිය 09 වැනිදා කොලොන්න පොලිස් වසමේදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට අදාළ වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් ඊයේ (11) මිද්දෙනිය පොලිස් වසමේ මාක්ස් ඇටිටිවු, තෝරගල යාය ඇඟළුම් ආයතනය අසළදී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.

එහිදී පසුගිය 09 වැනිදා කොලොන්න පොලිස් වසමේදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට අදාල වෙඩික්කරුවන් දෙදෙනා වන රාමනායකගේ ඉන්දික කුමාර නොහොත් ‘කැළෑ මහින්ද’ නැමැති පුද්ගලයා හා ජයවර්ධන අබේසිංහ පතිරණගේ සදකැළුම් ජයවර්ධන නැමැති පුද්ගලයා ගල්කටස් වර්ගයේ ගිනි අවි 02 ක්, බෝර 12 ජිව උණ්ඩ 02 ක්, හෙරොයින් ග්‍රෑම් 100 ක්, වෙඩිතැබීම සඳහා පැමිණි බවට සැකකරන යතුරුපැදිය හා ජංගම දුරකතන 03 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොලොන්න පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරුවන් දැනට ප්‍රංශයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන සංවිධාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන රොටුඹ අමිල නැමැත්තාගේ ප්‍රධාන ගෝලයින් වන බවයි.

මෙම වෙඩි තැබීම රොටුඹ අමිලගේ ලොකු අම්මාට කළ පහරදීමකට අදාළව පළිගැනීමක් වශයෙන් සිදු කර තිබෙනවා.